කම්කරු දෙපාර්තමේන්තුව

විගමනික ගෘහ සේවක

අන්තර් ජාලය මගින් විමසීම්/පැමිණිලි සඳහා ආකෘතික පත්රිකාව පුරවා සිටියදී සැලකියයුතු කරුණු

1. මෙම ආකෘති පත්රිකාව කරුණාකර ඔබගේ උපරිම දැනුමෙන් සම්පූර්ණ කරන්න. සපයනු ලැබූ තොරතුරු රහසිගතව තබා ගනු ලැබේ. ඔබ ප්රමානවත් තොරතුරු සපයා නොසිටි නම්,ඔබගෙ විමසුම/පැමිණිල්ල අපට නිසි ක්රම වෙදයකට අනුකූලව ක්රියා කර සිටීමට නොහැකි වෙයි.

2. කරුණාකර අදාළ ලේඛණ/සාක්ෂි (තිබේ නම්) ආකෘතික පත්රිකාවට අමුණන්න.

3. විදේශීය ගෘහ සේවක වසල් රාමුවේ, ඔබගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා ජාල සම්ප්රේෂණය තුල දත්ත සංඛේත කෙරෙනු ලැබේ.

4. කම්කරු දෙපාර්තමේන්තුව විසින්, ඔබගෙ විමර්ශනය /පැමිණිල්ල වෙනත් රාජ්ය දෙපාර්තමේන්තු කාර්යාංශය සහ ආයතන වලට සීමා වන්නෙ නම්, එයන් වෙත පැවරීමට කටයුතු කරනු ඇත.

5. ඔබගේ විමසුම/පැමිනිල්ල සාර්ථක ලෙස ඉදිරිපත් වූ විට, එය පිලිබඳ මතු විමසීම් පහසුවෙන් විපරම් කර සිටීමට ඔබට යොමු අංකයක් නිකුත් කෙරෙනු ඇත.


පෞද්ගලික තොරතුරු රැස්කිරීමේ ප්රකාශය ලබා ගැනීමේ අරමුණ

එක්රැස් කිරීමට හේතුව

1. මෙම ආකෘතික පත්රයේ ලබා ගෙන තිබෙන පෞද්ගලික දත්ත කම්කරු (රැකියා) ආඥාපණත (Cap. 57) සහ සේවක වන්දි ආඥාපණතේ (Cap.282) පරිපාලන කිරීමට සහ සම්මත සේවා කොන්ත්රාත්තුව (ID 407) සේවා යෝජකයා අනුගමනය කර තිබේද පරීක්ෂා කිරීම සහ හොං කොං හි විදේශ ගෘහ සේවක රැකියාව සම්බන්ධයෙන් ඔබට සහය සහ ආදර සපයා සිටීම සඳහා වේ.


පැවරුම් ලාබීන්ගෙ පංති (වර්ගයන්)

2. ඔබ විසින් සපයනු පෞද්ගලික දත්ත වෙනත් රාජ්ය දෙපාර්තමේන්තු හෝ කාර්යාංශය වලට (උදා. හොං කොං පොලිස් බලකාය, ආගමන දෙපාර්තමේන්තුවට වැනි) 1 වැනි චේදයේ සඳහන් කර ඇති කාර්ය සඳහා සමහරවිට එළිදරව් කෙරෙනු ඇත.


පෞද්ගලික දත්ත වලට ප්රවේශ වීම

3. පෞද්ගලික දත්ත (පෞද්ගලිකත්ව) ආඥාපණතේ (Cap. 486) යටතේ සැපයූ පරිදි ඔබගෙ පෞද්ගලික දත්ත වලට ප්රවේශ වීම සහ නිවැරදිව කිරීමේ අයිතිය අයිතිය ඔබට ඇත. පෞද්ගලික දත්ත නිවැරදි කිරීමට සහ දත්ත වලට ප්රවේශ වීමට ඉල්ලා සිටිමි සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රතිපත්තිමය සහය අංශය වෙත ලිඛිතව දැනුවත් කල යුතුයි. (ලිපිනය: 16/F, One Mong Kok Road Commercial Centre, 1 Mong Kok Road, Kowloon).


විමසීම්

4. ඔබගෙ පෞද්ගලික දත්ත එක්රැස් කර ගැනීමට, ප්රවේශ වීම සහ නිවැරදි කිරීම පීළිබඳ විමසීම් සඳහා, කරුණාකර කම්කරු දෙපාර්තමේන්තුවේ ප්රතිපත්ති සහකාර අංශය වෙත යොමුකරන්න.

ලිපිනය: 16/F, One Mong Kok Road Commercial Centre, 1 Mong Kok Road, Kowloon

දුරකථන අංකය: 3582 8989